Home අද ඉන්ධන මිල සූත්‍රයට අනුව ක්‍රියා කිරීමට සිදුව තිබෙනවා – ඇමති වසන්ත සමරසිංහ!

ඉන්ධන මිල සූත්‍රයට අනුව ක්‍රියා කිරීමට සිදුව තිබෙනවා – ඇමති වසන්ත සමරසිංහ!

57
0

කැමැති වුණත් අකමැති වුණත් ඉන්ධන මිල සූත්‍රයට අනුව ක්‍රියා කිරීමට සිදුව තිබෙන බව වෙළඳ හා වාණිජ අමාත්‍යයා වසන්ත සමරසිංහ මහතා පැවසීය. මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වන බවත් ඒ සඳහා තම රජය ද මිල සූත්‍රයට අනුව කටයුතු කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ වසන්ත සමරසිංහ මහතා මිල සූත්‍රයට අනුව ක්‍රියා කිරීමෙන් ලෝක වෙළඳපොළ මිල අඩු වැඩි වීමට අනුව මෙරට තුළද මිල වෙනස්වීම සිදුවන බව පැවසීය.

දැනට ක්‍රියාත්මක මිල සූත්‍රයට අනුව තෙල් මිල ඉහළ පහළ යෑම සිදුවෙනවා ඒ අනුව තමයි මාසිකව තෙල් මිල ඉහළ පහළ යෑම සිදුවන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ පහළ යෑමත් සමඟ මෙරට තෙල් මිල ඉහළ පහළ යෑම සිද්ධ වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් දැන් අනුගමනය කරන්නේ මේ මිල සූත්‍රය බව කිව යුතුයි

Previous articleවී සඳහා සහතික මිල සටන : ඉතිහාසයේ පළමු වතාවට දිනනවා – නි.ඇ. නමල්
Next articleආණ්ඩුවට විරෝධය පළ කල කඹුරුපිටියේ විරෝධතාවට ප්‍රහාරයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here