Home අද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත කිහිප දෙනෙකු ජනාධිපතිවරයා අනාවරණය කරයි!

ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත කිහිප දෙනෙකු ජනාධිපතිවරයා අනාවරණය කරයි!

56
0

නීති විරෝධී ලෙස සුඛෝපභෝගී වාහන මෙරටට ගෙන්වා පරිහරණය කළ දේශපාලනඥයන් කිහිප දෙනෙකු ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  (01.02.2025)  අනාවරණය කළේය.

කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් මේ බව පැවසූ ජනාධිපතිවරයා මෙරට වාහන ආනයනය තහනම් කර තිබියදී මෙම වාහන ගෙන්වා ඇති බව පැවසීය.

මෙම වාහන ආනයනය කළ දේශපාලනඥයන් වරායෙන් ඒවා පිට කර ඇත්තේ පවතින නීතිරීති උල්ලංඝනය කරමින් බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

දේශපාලනඥයන්ට අමතරව ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් නීති විරෝධී ලෙස මෙරටට වාහන ගෙන්වා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ වලට අනුව ඔවුන් ද අත්අඩංගුවට ගනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙමගින් රජයට අයවිය යුතු බදු මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වී ඇති බව පවසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස ගෙන්නන ලද වාහන ලියාපදිංචි කර නොමැති බවද වැඩිදුරටත්  පෙන්වා දුන්නේය.

Previous articleමාලිමා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බිමේ බලයත් අවශ්‍යයි – මාලිමාවේ නි.ඇ. අරුණ කියයි !
Next articleවී සඳහා සහතික මිල සටන : ඉතිහාසයේ පළමු වතාවට දිනනවා – නි.ඇ. නමල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here