Home අද වී සඳහා සහතික මිල සටන : ඉතිහාසයේ පළමු වතාවට දිනනවා – නි.ඇ....

වී සඳහා සහතික මිල සටන : ඉතිහාසයේ පළමු වතාවට දිනනවා – නි.ඇ. නමල්

56
0

ඉදිරි දින කිහිපයේදී වී සඳහා වූ සහතික මිල ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර ගොවීන්ගේ වී අස්වනු සඳහා නිසි මිලක් ලබාගැනීම සඳහා ඉල්ලීම් සිදුකරමින් ආරම්භ කළ සටන ඉතිහාසයේ පළමුවරට මෙවර ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.


“වීවලට අදළාව අපි සටන් පඨයක් ගෙනවා පසුගිය කාලයේ. වී කිලෝ එකක නිෂ්පාදන වියදමට 30%ක් එකතුකරලා වී කිලෝ එකට මිලක් දෙන්න කියන එක තමයි සටන් පාඨය. ඉතිහාසයේ පළවෙනි වතාවට තව දවස් කිහිපයකින් ඒ සටන් පාඨයට අපි පණපොවනවා. ඒ නිසා මේ වෙනකොට අපේ අමාත්‍යාංශයෙන් ආයතන 05ක් වී කිලෝ එකේ නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙනවා. අපි උපදෙස් දුන්නා ගොවියට දුන්න පොහොර සහනාධාරය ඉවත්කරන්න. නිෂ්පාදන වියදම ගණන් හැදීම සඳහා. ඔබ තනිකරම ඕබේ සල්ලිවලින් පොහොර ගත්තා සේ සලකලා තමයි නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙන්නේ. අන්න ඒ නිෂ්පාදන වියදමට 30%ක් අපි එකතු කරනවා. එකතුකරලා ගොවියාගේ වී කිලෝ එකේ අවම මිල තව දවස් කිහිපයකින් අපි ප්‍රකාශයට පත්කරනවා විතරක් නෙමයි රජයේ ගබඩා විවෘත කරනවා.”


 

Previous articleඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත කිහිප දෙනෙකු ජනාධිපතිවරයා අනාවරණය කරයි!
Next articleඉන්ධන මිල සූත්‍රයට අනුව ක්‍රියා කිරීමට සිදුව තිබෙනවා – ඇමති වසන්ත සමරසිංහ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here