කංචන විජේසේකර විසින් ඉන්ධන ලීටරයකින් රුපියල් 60 ක කොමිස් මුදලක් ලබාගන්නා බවත් තමන් බලයට පැමිණි වහා ඒ සහනය ජනතාවට ලබා දෙන බවට ජාතික ජන බලවේගය එදා ජනතාවට ලබා දුන් පොරොන්දුව තවමත් ඉටු නොකළේ මන්දැයි කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය ඇමැති අර් එම් ජයවර්ධන මහතාගෙන් වෙළෙඳුන් ප්‍රශ්න කිරීම හමුවේ නියෝජ්‍ය ඇමතිවරයාට දැඩි අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවිය.
මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු නොකිරීම. ඉන්ධන මිල. ජීවන වියදම අඩු නොකිරීම.වැනි කරුණු සම්බන්ධව නියෝජ්‍ය ඇමතිවරයා සහ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් අතර සංවාදයක් ඇති විය.
වෙළඳුන්……
ජනතාවට ලබා දුන් පොරොන්දු එකක් වත් මෙතෙක් ඉටුකරලා නැහැ
මොනවද ඔබතුමාලා ඉටු කළේ කියලා කියන්න මහත්තයා.
නියෝජ්‍ය ඇමතිවරයා…..
ගත වූ කෙටි කාලය තුළ අපි විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා රට තුළ වෙනසක් අද ඇතිවී තිබෙනවා.
වෙළඳුන්….
මොකක්ද වෙනස මහින්ද මහත්තයාගේ කාලයේ හා රනිල් මහත්තයාගේ කාලයේ රුපියල් 180 ට තිබුණ හාල් කිලෝව අද
රුපියල් 320 ක් වෙලා ඒකද වෙනස අපි හිතුවේ රනිල් මහත්තයාගේ කාලයේ තිබුණා මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියත් කමක් නැහැ කියලයි. නමුත් අද වන විට වැඩිකර තිබෙන මිල අපට දරාගන්න බැහැ.
නියෝජ්‍ය ඇමතිවරයා…..
රට තුළ අපි විශාල වෙනසක් සිදු කරගෙන යනවා විදුලිබිල අඩු කලා තවත් දේවල් කරලා තියෙනවා ඒ සියල්ල
හාල් පොල් වලින් මනින්න එපා. අද වන විට සහල් මිල අඩුවී තිබෙනවා.
වෙළඳුන්….
හාල් මිල අඩුවී නැහැ. ඔබතුමා කියන්නේ රුපියල් 180 ට තිබුන හාල් රුපියල් 320 දක්වා වැඩිකර එය 220කට 230 කට අඩුවීම සහනයක් කියලද ?
නියෝජ්‍ය මැතිවරයා….
රුපියල් 320 ට ගිය සහ 220 ට අඩු කිරීම හොඳ නැද්ද ?
වෙළඳුන්…..
අපිට නම් හොඳ නැහැ. මොකද 180 ට තිබුණ සහල් 150 ට ගියා නම් හොඳයි එහෙම නැතුව එය 320ට වැඩි කර 250 ට අඩු කිරීම ගැන හොඳයි කියන්න බැහැ
නියෝජ්‍ය ඇමතිවරයා…
මුං ඇට කිලෝ එකක් රුපියල් 1800 සිට රුපියල් 600 දක්වා අඩු කළා.එය හොඳ නැද්ද..?
වෙළඳුන්…..
ඒක හොඳයි, එතන ප්‍රශ්නයක් නැහැ. නමුත් පොදුවේ සහනයක් සිදුව නෑ
ඊයේ පෙරේදා ඉන්ධන මිල ඉහළ ගියා ජනතාවට හැමදාම සිදුව තිබෙන්නේ මිල වැඩිවීමට මුහුණ දීමටයි කවදාවත් වැඩිවුන මිල අඩු වී නැහැ
නියෝජ්‍ය මැතිවරයා…..
පසුගියදා සුපර් ඩීසල් මිල වැඩි කළා ඒ සුපර් ඩීසල් මෙහේ කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ ආර්ථික ශක්තිය වැඩි අය තමයි ඒ ඉන්ධන භාවිත කරන්නේ ඔබට එය ප්‍රශ්නයක් නැහැ .
වෙළෙඳුන්….
එහෙම කියන්න එපා මහත්තයා අපේ මුදලාලි ඒ ඉන්ධන පාවිච්චි කරනවා ඔහු ඒක අල්ලන්නෙ අපෙන් එහෙම නැතිනම් ජනතාවගෙන් අනෙක අපිත් සුපර් ඩීසල් පාවිච්චි කරනවා මොකද නෝමල් ඩීසල් වලින් කිලෝමීටර් 18 ක් දුවන්න පුළුවන් නම් සුපර් ඩීසල් වලින් කිලෝමීටර් 26 ක් දුවන්න පුළුවන් ඉතින් මේක ගැන අපි කතා කරලා වැඩක් නැහැ.
නියෝජ්‍ය ඇමතිවරයා…..
අද වෙනතෙක් අපිට තෙල් මිල අඩු කිරීමට නොහැකි වුණේ පසුගිය පාලනය තුළ තිබුණු වැරදි නිසයි තෙල් සංස්ථාව රුපියල් මිලියන තුන්සියයක පාඩුවක් තිබෙනවා ඒ පාඩුව පියවා ගැනීමට සිදුව තිබෙනවා පසුගිය රජයේ තෙල් ලීටරයක මිලය රුපියල් පනහකින් ඉහළ දැමුවෙත් ඒ පාඩුව පියවා ගැනීම සඳහායි.
වෙළඳුන්….
.නෑ මහත්තයෝ ඔබ තුමන්ලා එදා කිව්වේ කංචන විජේසේකර ලීටරයකින් රුපියල් 60 ක් පගා ගහනවා කියලයිඒ අනුව අපි බලයට ආව ගමන් ඒක ජනතාවට දෙනවා කියලා ඔබතුමන්ලා පොරොන්දු වුණා අද වෙනතෙක් ඒ පොරොන්දුව ඉටුකර නැහැ.
නියෝජ්‍ය ඇමතිවරයා…..
අද කනියි තෙල් සංස්ථාවේ පාඩුව පියවන්න සිදුව තිබෙන්නේ අපට හාල් ප්‍රශ්නයත් එවැනි එකක් එදා රනිල් මහත්තයා රතු හාල් කිලෝ විස්ස බැගින්
කිලෝ ලක්ෂ 203 ක් බෙදුවා රතු හාල් කන්නෙ නැති අයටත් බෙදා දුන්නා අද රතු හාල් හිඟයක් ඇතිවී තිබෙන්නේ ඒඒ නිසයි ඇතැම් අය එදා රතු හාල් විසිකලා
වෙළඳුන්…..
කවුරුත් සහල් විසි කලේ නැහැ. බොරු කියන්න එපා ඇත්ත කියන්න
මහත්තයෝ නැවත මාස හයකින් මෙතනට එනවනම් පොරොන්දු ඉටුකරලා එන්න එහෙම එනවා නම් මම එකින් ම හොඳයි කියනවා මොකද මේ ආණ්ඩුවක් බලයට ගේන්න අපිත් ඡන්දෙ දිනයේ අපි පාන්දර 4.30 ට ගිහින් පෝලිමේ ඉදිරියෙන්ම සිට ඡන්දය ලබා දුන්නා නමුත් අද වෙනතෙක් වැඩක් වෙලා නැහැ 180 ට තිබුන සහල් 320 ට යයි කියලා අපි හිතුවේ නැහැ.