Home අද ආණ්ඩුවට විරෝධය පළ කල කඹුරුපිටියේ විරෝධතාවට ප්‍රහාරයක්!

ආණ්ඩුවට විරෝධය පළ කල කඹුරුපිටියේ විරෝධතාවට ප්‍රහාරයක්!

78
0

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරු සහ මන්ත්‍රීවරු අද (02) භාණ්ඩ මිල ඉහළ දැමීමට එරෙහිව ආණ්ඩුවට විරෝධය පළ කරමින් කඹුරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට දී විරෝධතාවක නිරතව සිටියදී ජාතික ජන බලවේගයේ පිරිසක් එම ස්ථානයට පැමිණ කලාකාරීව හැසිරීම නිසා විරෝධතාවය ගුටි කෙළියකින් අවසන් විය.

ඉහළ ගිය බඩු මිල අඩු නොකිරීම.වී වලට සහතික මිලක් ලබා නොදීම.පොරොන්දු ඉටු නොකිරීම.ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

දහවල් 11 ට පමණ ප්‍රාදේශීය සභාවේ හිටපු මහජන නියෝජිතයින් විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටියදී එම ස්ථානයට ජාතික ජන බලවේගය යැයි කියාගත් පිරිසක් පැමිණ විරෝධතා කරුවන්ට බැණ වදිමින් කලහකාරීව හැසිරීම නිසා මෙම ගැටුම ඇතිවූ බව නගරවාසීහු පවසති.

ජාතික ජන බලවේගයේ කණ්ඩායම උද්ඝෝෂකයින් ඉදිරියට පැමිණ ඔවුන්ට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේ උද්ඝෝෂණයේ නිරතව සිටි පුද්ගලයින් කිහිප දෙනෙක් ඉදිරියට පැමිණ පෙරළා ඔවුන්ට පහර දී ඇත.

කෙසේ වෙතත් මේ ගැටුම අවස්ථාවේ එම ස්ථානයට පොලිසිය සහ ව්‍යාපාරිකයන් පැමිණ ගැටුම සමථයකට පත්කර ගැනීමට දැඩි උත්සාහයක් ගැන කටයුතු කළ.

පොලිසියේ මැදිහත්වීම මත ජාතික ජන බලවේගයේ කණ්ඩායම එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් පසු ප්‍රාදේශීය සභාවේ හිටපු මහජන නියෝජිතයින් අඛණ්ඩව උද්ඝෝෂණය කරගෙන ගොස් පසුව එය නවතා දමා ඇත .

Previous articleඉන්ධන මිල සූත්‍රයට අනුව ක්‍රියා කිරීමට සිදුව තිබෙනවා – ඇමති වසන්ත සමරසිංහ!
Next articleනියෝජ්‍ය ඇමැති අර් එම් ජයවර්ධන මහතා අපහසුතාවයකට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here