Home අද පාර්ලිමේන්තුවේ අවනඩුවක් : විපක්ෂයේ සියලු පක්ෂ එකම සාකච්ඡා මේසයක !

පාර්ලිමේන්තුවේ අවනඩුවක් : විපක්ෂයේ සියලු පක්ෂ එකම සාකච්ඡා මේසයක !

56
0

පාර්ලිමේන්තු කමිටු තුළ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වැඩි අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එළැඹෙන බදාදා (05) උදෑසන මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇත.

අදාළ ගැටලුව විපක්ෂයේ සියලු පක්ෂ පොදුවේ මුහුණදී ඇති තත්ත්වයක් බැවින් විපක්ෂයේ සියලු පක්ෂ මෙම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි .

මෙම අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබෙන බවද වාර්තා වෙයි.

Previous articleමහින්දට විජේරාම නිවස අනුමත කළ සභාවේ අනුරත් හිටියා : රනිල් රහස හෙළිකරයි !
Next articleමහින්ද ඉන්න ගෙදර කීයටවත් ඔහුට දෙන්නේ නෑ : ජනපති අනුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here