Home අද හර්ෂණ ඇමතිට ආචාර්ය දැම්මට සොරි කියා නිවේදනයක් !

හර්ෂණ ඇමතිට ආචාර්ය දැම්මට සොරි කියා නිවේදනයක් !

4
0

පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියේ “ආචාර්‍ය” (Dr) යනුවෙන් සඳහන්ව තිබීම සහ පසුව එය ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ,අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැ.බ) එම්. ජයලත් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනය අනුව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියේ “ආචාර්‍ය” ලෙස යොදා තිබීම අතපසුවීමකින් සිදුවූවකි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුව වෙත ලබාදුන් තොරතුරු ලේඛනයේද එවැන්නක් සඳහන් නොවූ බව මෙන්ම සිදුවූ අතපසුවීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව සැලකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

No description available.

Previous articleජනාධිපතිවරණයේදී වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් විමර්ශන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here