Home අද උතුරේ පැතිර යන උණ උඩුදුවන ලකුණු – දැනටම මරණ 07ක්

උතුරේ පැතිර යන උණ උඩුදුවන ලකුණු – දැනටම මරණ 07ක්

46
0

උතුරු පළාතේ පැතිර යන දරුණු උණරෝගයක් හේතුවෙන් අද (12 ) වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව හත් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

මේ අයගෙන් හය දෙනෙක් යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර සෙසු පුද්ගලයා මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකි.

ඊයේ දිනය වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උණ රෝගය වැළඳුන පුද්ගලයින් පස් දෙනෙක් මිය ගොස් තිබිණි.

උතුරු පළාතේ ප්‍රදේශ ගණනාවක පැතිර යන මෙම උණ රෝගය කුමක්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැති බව යාපනය රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කරති.

මේ රෝගය වැළඳී මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20-65 අතර පුද්ගලයන් බව එම වෛද්‍යවරු ප්‍රකාශ කරන අතර මියගිය අයගේ සිරුරු කොටස් බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ මහනුවර ශික්ෂණ රෝහලට යොමු කර තිබෙන බව පැවසූහ.

එම පරීක්‍ෂණවල ප්‍රතිඵල නිකුත්වන තෙක් මේ රෝගය සම්බන්ධව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බව වෛද්‍යවරු වැඩිදුරටත් පැවසූහ

Previous articleරනිල්ට එරෙහිව පැවරූ FR පෙත්සමක් විසිවෙයි !
Next articleමාලිමාවේ සළුපට අහසට : ආචාර්ය උපාධිය නැති තවත් ඇමැති ආචාරියෙක් මෙන්න ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here