Site icon Newshub

රට පුරා සහල් හිඟයක් ඇතිවිය හැකියි – සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

රට පුරා සහල් හිඟයක් ඇතිවිය හැකි බව කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ පවසති.

රටේ උද්ගතව තිබෙන ආපදා තත්ත්වය නිසා සහල් වෙළඳ පොළට ප්‍රවාහනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් මෙලෙස සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යු. කේ. සමරසිංහ මහතා පවසයි.

මේ අතර සහල් ආනයනය කිරීමට රජය තීරණය කළද එම සහල් වෙළඳපොළට නිකුත් වීමට තවත් සති කිහිපයක් ගතවෙන බවත් මේ තත්ත්වය නිසා සහල් හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් වී මෝල් හිමියෝ පෙන්වාා දෙති.

පවතින සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන පාරිභෝගික ජනතාව වෙනුවෙන් වෙළඳපොළට සහල් නිකුත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කරන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

Exit mobile version