Site icon Newshub

සහන කටයුතුවල නිරතව සිටි නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියක් වන අලි පහරදීමකින් මරුට

ආපදා තත්ත්වය හේතුවෙන් මැදවච්චිය සහන කටයුතුවල නිරතව සිටි මැදවච්චිය පූණෑව නාවික හමුදා කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන අලි පහරදීම හේතුවෙන් ඊයේ (29) රාත්‍රියේ මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පුනෑව නාවික හමුදා කඳවුරේ ප්‍රවාහන අංශය භාරව සිටි ජෙ ඒ එම් සී ජයකොඩි මහතාය.

ආපදා කටයුතුවල නිරතව සිට නැවත එම නිලධාරියා කඳවුර වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (29) රාත්‍රි එකොළහට පමණ වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ජයකොඩි මහතා ඒ මොහොතේම වවුනියාව රෝහලට ඇතුලත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.

(මැදවච්චය .කසුන් ප්‍රදීප් )

Exit mobile version