Home අද ලොව විශාලතම රන් නිධිය චීනයෙන් හමුවෙයි

ලොව විශාලතම රන් නිධිය චීනයෙන් හමුවෙයි

65
0

මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බවත් චීනයේ හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය පසුගියදා ප්‍රකාශ කොට තිබෙ බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම රන් නිධියේ රත්තරන් වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ වන බව (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 8,300 ක් පමණ) එම කාර්යාංශය සඳහන් කර තිබේ.

මීට පෙර ලොව විශාලතම රන් නිධිය ලෙස දකුණු අප්‍රිකාවේ ගැඹුරු පතලකින් හමුවූ මෙට්‍රික් ටොන් 930 ක රන් නිධිය සැලකුණු බව පැවැසෙයි.

චීනය සතු නවීන ත්‍රිමාන තාක්ෂණය භාවිත කරමින් මෙම රන් නිධිය සොයා ගැනීමට හැකියාව ලැබුණු බවත්, එහිදී ඩ්‍රිල් යන්ත්‍ර යොදා ගනිමින් විදිනු ලැබූ සෑම ගලකම පිරිසිඳු රත්තරන් හමුවූ බවත් එම රන් නිධිය කිලෝමීටර 3 ක් පමණ පොළොව අභ්‍යන්තරයට දිව යන බවද හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කරන බව එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

Previous articleපොරොන්දු වූ පරිදි රැකියා දෙන්න – ජනපති හමුවීමට ගිය උපාධිධාරීන් හිස් අතින් එයි
Next articleඅනුරට TNA සහාය : නාවික හමුදා අත්කරගත් ඉඩම් නිදහස් කරන්නත් යෝජනාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here