සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවන බව ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කරයි.
ඒ අනුව සහල් තොග ආනයනය සඳහා අද සිට දින 7 ක් ඇතුළත ආනයනකරුවන්ට ඉදිරිපත් විය හැකි බවද ඔහු පවසයි.
මේ යටතේ සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබේ.
ලක් සතොස අලෙවි සැල් හරහා මෙන්ම සුපිරි වෙළෙඳ සැල් හා සාමාන්‍ය තොග වෙළෙඳ සැල් හරහාද එම සහල් තොග බෙදා හැරීමට සැලසුම්කර ඇති බවත් ලක් සතොස සභාපතිවරයා සඳහන් කළේය.