Home අද වන්දි ගෙවීමට හැකියාව ඇත්තේ ප්‍රධාන භෝග හයකට පමණයි – කෘෂිකර්ම අමාත්‍යංශය

වන්දි ගෙවීමට හැකියාව ඇත්තේ ප්‍රධාන භෝග හයකට පමණයි – කෘෂිකර්ම අමාත්‍යංශය

53
0

අයහපත් කලගුන තත්ත්වය හෙතුවෙන් ඇති වූ ගංවතුර හා පස් කඳු කඩා වැටීම් නිසා විනාශ වූ වගාවන් අතුරින් වන්දි ගෙවීමට හැකියාව ඇත්තේ ප්‍රධාන භෝග හයකට පමණක් බවත් වන්දි ලබාගත හැක්කේ වී, බඩඉරිඟු ලොකුලූණු, අර්තාපල් සොයා සහ මිරිස් වගාවන් සඳහා බව කෘෂිකර්ම අමාත්‍යංශයේ පවසයි.

අයහපත් කාලගුණය නිසා මට පුළුවන් ඔබගේ විශාල ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇති අතර ඒ සඳහා වන්දි ලබා ගැනීමේ ගැනීමේ දී ගොවි ජනතාවට දැඩි දුෂ්කරතාවට මුහුණ පෑමට සිදුව ඇත.

මෙවර වැඩිහානියක් සිදුව ඇත්තේ උතුර හා නැගෙනහිර පළාත් වල වගා බිම් වලට වන අතර ඇතැම් වී වගාව බිම් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බව ගොවියෝ පවසති .

මෙවර මහකන්නයේ වී වගාව ආරම්භ කිරීමත් සමඟ ඒවා මුළුමනින්ම විනාශයට පත්ව තිබෙන බවත් මහ කන්නය අවසන් වීමට ප්‍රථම විනාශ වූ වගාවන්ට වන්දි ලබා දෙන්නේ නම් යළි වී වගාව ආරම්භ කළ හැකි බව ගොවියෝ පවසති.

විනාශ වූ වගාවන් සඳහා වන්දි ලබා දීමට අදාල පියවර මේ වන විටත් ගනිමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසීය.

විනාශ වූ වගාවන් අතුරින් වන්දි ලබාදිය හැක්කේ ප්‍රධාන භෝග හයකට පමණක් බව පවසනය නාමල් කරුණාරත්න මහතා සෙසු බෝග වගාවන් පිළිබඳව වන්දි ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු බවත් ඒ සම්බන්ධව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Previous articleපනත සම්මතයි – 16 ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම්
Next articleපොරොන්දු වූ පරිදි රැකියා දෙන්න – ජනපති හමුවීමට ගිය උපාධිධාරීන් හිස් අතින් එයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here