Home අද රනිල්ගේ යෝජනාවට අනුර කැබිනට් අනුමැතිය අරගෙන !

රනිල්ගේ යෝජනාවට අනුර කැබිනට් අනුමැතිය අරගෙන !

51
0

මෙරට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරිම වෙනුවෙන්  මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  පැවසීය.

ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්තිමය වශයෙන් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 14.2ක පමණ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ නියෝජිත කණ්ඩායමක් වන ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්, තත්ත්කාර්ය කණ්ඩායමක් සහ ශ්‍රී ලංකාවේ දේශීය බැඳුම්කර හිමියන්ගේ එකමුතුව සමග පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධව එකඟතාවට පැමිණි බවද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සම්බන්ධයෙන් ඒ ණය දීමේ කමිටුව සමග කළ සාකච්ඡා යම් එකඟතාවයකට පැමිණ තිබුණා ජුනි මාසය වෙනකොට. කෙසේ නමුත් ස්වෛරී බැඳුම්කරවල තිබුණු සංකීර්ණත්වය නිසාම ඒක ප්‍රමාද වෙමින් තිබුණා. නමුත් සැප්තැම්බර් මාසයේදී අපිට හැකියාව ලැබුණා බැඳුම්කර හුවමාරු කිරීමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ බැඳුම්කර හුවමාරු කිරීමේ එකඟතාවයේදී විශේෂයෙන් සැලකිල්ලට භාජනය කළා මේ ණයවල තියන සංයුතිය එහි ව්‍යුහය, ඒ ණය ආපසු ගෙවීමේදි ඒ කාලපරිච්ඡේදය තුළදී ආර්ථිකයට වන බලපෑම.

ඒ වගේම අපි දැනටමත් සම්බන්ධ වෙලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ එකඟතාවයට අනුකූලව ණය තිරසාරත්වය පවත්වාගෙන යන්න ඔනේ 95%ක් 2032 වෙනකොට. ඒ පරාමිතීන්ට අනුකූලව කලින් තිබුණ බැඳුම්කර වෙනුවට අලුත් බැඳුම්කර ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා.”

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියේ මෙරට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරිම වෙනුවෙන් වන මෙකී යෝජනාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලන සමයේ සාකච්ඡා කරමින් මූලික එකඟතා ඇතිකරගත් ලියවිල්ල බවත් එහි කිසිඳු සංශෝධනයකින් තොරව ජනාධිපති අනුර දිසානායක ගේ අමාත්‍ය මණ්ඩලයද අනුමත කර ඇති බවත් ය.

Previous articleමාස හතරකට අතුරු සම්මත ගිණුමක්
Next articleහිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here