Home අද පා.ම.  වෛද්‍ය අර්චුනා රාමනාතන්ට වරෙන්තු නිකුත් කෙරේ

පා.ම.  වෛද්‍ය අර්චුනා රාමනාතන්ට වරෙන්තු නිකුත් කෙරේ

50
0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අද (26) නියෝග කර තිබේ.

ඒ ඔහු විසින් 2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී ලසන්ක අබේවර්ධන යන අය පැදවූ මෝටර් රථය අනතුරට පත් කර, ඔහුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳ වූ අවස්ථාවේදියි.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා යන අය දිගින් දිගටම අධිකරණ මග හරිමින් සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරුණු අතර මීට පෙර නඩු දිනයේ ද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණ ද එම වරෙන්තු ක්‍රියාත්මක වීමක් සිදුව නැත.

Previous articleචීනයට එන්න – ජනපතිට ආරාධනාවක්
Next articleඅර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here