Home අද පස් කඳු කඩා වැටීමෙන් උඩරට දුම්රිය නවතියි

පස් කඳු කඩා වැටීමෙන් උඩරට දුම්රිය නවතියි

74
0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ  අද (26)  අලුයම  ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී  පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අධික වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටී ඇති බවත් , මේ වනවිටත් දුම්රිය සේවකයන් මාර්ගයට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත් කිරිමේ කටයුතු වල නිරතව සිටින නමුත් දැනට පවතින අධික වර්ෂාව නිසාවෙන් එම කටයුතු වලට බාධා සිදුව ඇතැයි වාර්තා වේ.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ  රාත්‍රි තැපැල් දුම්රිය මේ හේතුවෙන් දැනට නානුඔය දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) අලුයම   5.45ට ධාවනය වීමට නියමිතව තිබූ   උඩරට මැණිකේ දුම්රිය මෙතෙක් ගමන් ආරම්භ නොකල බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

 

Previous articleමාර්ග අවහිරතා ඇත්නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට යන්න – උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
Next articleඅමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් හා ආයතන ගැසට් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here