පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා මෙතෙක් ලබා දී තිබූ වරප්රසාද රැසක් අඩු කිරීමට නව රජය සැලසුම් සැලසුම් කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට මෙතෙක් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්රය.ආරක්ෂාවට ලබා දී තිබූ පිස්තෝලය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු වරප්රසාද රැසක් නව පාර්ලිමේන්තු වාරයේ සිට අඩුකිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
යම් පාර්ලිමේන්තු මන්ත්රීවරයකුට කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත නිවසක හිමිකමක් ඇත්නම් ඒ අයට මින් ඉදිරියට නිවාස පහසුකම් ලබා නොදීමටද තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වරප්රසාද සොයා බැලීම සඳහා පත් කරනු ලබන කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් තවදුරටත් මේ සම්බන්ධව කටයුතු කරනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.