Site icon Newshub

විදුලිබිල අඩු කිරීම ලබන වසර දක්වා කල් යන තත්ත්වයක්

විදුලිබිල සංශෝධනයට අදාළ වාර්තාව විදුලි බලමණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත තවමත් යොමු නොකිරීම හේතුවෙන් විදුලිබිල අඩු කිරීම ලබන වසර දක්වා කල් යන තත්ත්වයක් ඇතිවී තිබේ .

මේ වසරේ විදුලි බිල අඩු කරනවා නම් විදුලිබිල සංශෝධන වාර්තාව හෙට ( 22) දිනය තුළ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදිය යුතුව ඇත.

විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල සංශෝධනයට අදාළ වාර්තාව ලබා දීමෙන් පසු විදුලි බිල අඩුකිරීම දක්වා වූ ක්‍රියාවලිය සිදුකිරීමට අවම වශයෙන් සති හතරක හෝ පහක කාලයක් ගතවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

මේ අනුව විදුලි බිල සංශෝධනය කිරීමේ වාර්තාවේ හෙට දිනය තුළ නොලැබුණොත් විදුලි බිල අඩුකිරීම ලබන වසර දක්වා කල් යනු ඇති බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

Exit mobile version