Home අද නව කැබිනට්ටුවේ වැඩකටයුතු අධීක්‍ෂණයට නව කමිටුවක්

නව කැබිනට්ටුවේ වැඩකටයුතු අධීක්‍ෂණයට නව කමිටුවක්

141
0

නව අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අධ්‍යයනය කරමින් එය හරි මාර්ගයේ ගෙන යෑම සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇත.

දස දෙනෙකුගෙන් සමන්විත මෙම අධීක්ෂණ කමිටුවේ ප්‍රධාන කාර්ය වන්නේ දූෂණ, වංචා සිදුවීමට ඇති ඉඩකඩ වලක්වාලමින් කැබිනට් මණ්ඩලය ගමන් කළ යුතු දිශානතිය පෙන්වා දීම බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන අනපනත්, යෝජනා, ටෙන්ඩර්, හදිසි මිලදීගැනීම් ආදිය පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලයට අවශ්‍ය උපදෙස් ලබාදීම මෙම කමිටුවේ අරමුණ වී තිබේ.

නව රජයේ මංගල කැබිනට් මණ්ඩල රැස්වීමේ සිට අධීක්ෂණ කමිටුවේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් ඒ සඳහා පත් කරන නිලධාරීන්ගේ නාම ලේඛනය අද හෝ හෙට රජය විසින් ප්‍රකාශයට පත් පත් කරනු ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleසිලින්ඩරය ඇතුලෙන්ම පිපිරෙයි
Next articleඅහෝ! සජිත්ගේ විපක්ෂ නායකත්වය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here