Home අද සිලින්ඩරය ඇතුලෙන්ම පිපිරෙයි

සිලින්ඩරය ඇතුලෙන්ම පිපිරෙයි

46
0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස රවී කරුණානායක මහතාගේ නම අනුමත නොකරන ලෙස එම පෙරමුණේ හවුල්කාර පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර තිබියදී එය නොසලකා හැර කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පිළිගනිමින් මැතිවරණ කොමිෂන් සභාව අද 18 අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.

රවි කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කරමින් ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂවල අනුමැතියක් නොමැතිව බව එම පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

නමුත් මේ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් අප කළ විමසමකදී එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නාමයෝජනා පත්‍ර පත්‍ර හා ජාතික ලැයිස්තුව අත්සන් තබා ඇති එහි මහලේකම් ෂර්මිලා පෙරේරා මහත්මියගේ අත්සනින් යුතු ලිපියකින් කවි කරුණානායක මහතාව නම්කර එවා තිබූ නිසා එම නම පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවූ බවයි.

ජාතික ලැයිස්තුවේ සඳහන්ව ඇති නම් අතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කරන්නේ කවුද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගත යුත්තේ එම පක්ෂය මිස මැතිවරණ කොමිෂන් සභාව විසින් නොවන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Previous articleජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීමක් – IMF නියෝජිතයින් හමු වූ ජනපති කියයි
Next articleනව කැබිනට්ටුවේ වැඩකටයුතු අධීක්‍ෂණයට නව කමිටුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here