Home අද මහජන ආරක්ෂක ලේකම් රවීගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

මහජන ආරක්ෂක ලේකම් රවීගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

46
0

රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව ගොනුකර නොමැති බවට වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය, ඉදිරිපත් කළ විරෝධතාවක් සලකා බැලීමෙන් පසුව ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කොට තිබේ.

Previous articleදිවයිනට පැමිණි IMF නියෝජිතයින් වැඩ අරඹයි
Next articleජනපති අමාත්‍ය ධුර තුනක් තමන් යටතේම තබා ගනියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here