Home අද ජනපති අනුරගේ මුල්තැන ඉන්දියාවට !

ජනපති අනුරගේ මුල්තැන ඉන්දියාවට !

118
0

ජනාධිපති අනුර දිසානායක ගේ පළමු රාජතාන්ත්‍රික නිල සංචාරය ඉන්දියාවේ සිදුකිරීමට නියමිත ය.

මේ බව සඳහන් කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (17) පවසා සිටියේ එළැඹෙන දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ මෙම සංචාරය සිදුකිරීමට නියමිත බවයි.

එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ද්වි පාර්ශ්වීය සාකච්ඡා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය .

එසේම පසුගිය ඔක්තෝබර් (04) වනදා එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර දිසානායක හමුවූ අතර එහිදී ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අගමැති මෝදි සිදුකළ ආරාධනය ද ඉදිරිපත් කර තිබිණ .

Previous articleIMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි
Next articleජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීමක් – IMF නියෝජිතයින් හමු වූ ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here