Home අද හිටපු ජනපති රනිල්ගේ කැබිනෙට්ටුවම CID යට

හිටපු ජනපති රනිල්ගේ කැබිනෙට්ටුවම CID යට

69
0

බාල ඖෂධ මෙරටට ගෙන්වීමට අනුමැතිය දීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එවකට කැබිනට් මණ්ඩලයේ සිටි ඇමතිවරු දහ අට දෙනෙකුගෙන් ඉදිරි දින කිහිපය තුළදී ප්‍රශ්න කිරීමට අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182 ක් මෙරටට ගෙන්වීමට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණය මගින් ලබා දෙන ලද නියෝගයකට අනුව මෙලෙස ප්‍රශ්න කර සටහන් ලබාගන්නා බව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

2022 වර්ෂයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම ඖෂධ ගෙන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන විට එවකට කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් සිටි අතර ඔවුන්ගෙන් ද ප්‍රශ්න කර සටහන් ගැනීමට නියමිතය.

ඊට අමතරව එවකට කැබිනට් මණ්ඩලයේ නියෝජනය කළ නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රමනායක, කාංචන විජේසේකර, නෂිර් අහමඩ්, රොෂාන් රණසිංහ, ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු, මනුෂ්‍ය නානායක්කාර යන මහත්වරුන්ගෙන් ප්‍රශ්න කර සටහන් ලබා ගන්නා ලෙස මාලිගාකන්ද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් උපදෙස් ලබා දී තිබේ.

Previous articleපිල්ලෙයාන් අද CID යට
Next articleමහ මැතිවරණයට පොලීසිය සීරුවෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here