Site icon Newshub

සුරාසැල් දින දෙකක් වැසේ

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් ලබන 14 සහ 15 දෙදින වසා තැබීමට දැනුම්දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් 14 දින මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර නොවැම්බර් 15 දින පොහොය යෙදී තිබේ. එහෙයින් මෙම දිනයන් දෙකෙහිදීම සුරාසැල් වසා තැබීමට කටයුතු කල බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මහ මැතිවරණය හේතුවෙන් මෙසේ දිවයින පුරා සුරාසැල් වසා තැබීමට නියෝග ලබාදී තිබියදී‍, නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස කටයුතු කරන සුරාසැල් සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා උපදෙස් ලබාදී ඇතැයි ද සඳහන් වේ.

Exit mobile version