පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු තමන්ට වාහනයක් වුවමනා වනු ඇතැයි ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක රංගන ශිල්පී ජගත් මනුවර්ණ පවසනවා.
පෞද්ගලික නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
දැනටද තමන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා වාහනයක් භාවිතා කරන බවද කියා සිටි ඒ මහතා රංගන ශිල්පියෙක් ලෙස තමන් බස් රථයේ ත්‍රීවිල් වලත් ගොස් තම කටයුතු කර ගත්තද මන්ත්‍රීවරයෙක් ලෙස කාර්යබහුල වූ පසු එසේ කටයුතු කර නොහැකි බව පෙන්වා දෙමින් මේ අදහස් දක්වා සිටියා.
තමන් මේ වන තෙක් නිවසක් තනාගෙන වාහනයක් මිලදීගෙන ස්ථාවරත්වයකට පත්ව නැති බවද හෙතෙම සදහන් කරයි.
දේශපාලනයට තමන් පැමිණෙන්නේ සේවයක් කිරීමට බවත් එහිදී යම් යම් පහසුකම් අවශ්‍ය වනු ඇති බවද පැවසූ ඔහු කෙසේ වෙතත් ජීවිතයේ සතුටු වන ආකාරය එක එක පුද්ගලයාට සාපේක්ෂ බවත් තමන් දේශපාලනයෙන් මෙන්ම කලාවෙන් සතුටු සත්තු වන බවද පැවසීය.