Home අද අවුරුදු 12කට පෙර කළ වරදකට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි පිරිසකට ඇප

අවුරුදු 12කට පෙර කළ වරදකට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි පිරිසකට ඇප

92
0

මීට වසර 12 කට පෙර කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදු වූ කලහකාරී සිද්ධියෙන් රුපියල් ලක්ෂ පනස් දෙකක අලාභහානියක් සිදු කළේයැයි රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයින් විසි හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු R.S.S. සපුවිට මහතා නියෝග කළේය

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් හතළිස් තුන් දෙනකු චෝදනාවලට වරද පිළිගැනීමට එකඟත්වය පළකළ අතර ඒ අනුව සිද්ධියෙන් බරපතල තුවාල ලබා සිටි එන්.ගුණවර්ධන නමැති අයට රුපියල් 300,000 ක දඩයක් ගෙවන ලෙස විනිසුරුවරයා නියම කරනු ලැබීය.

එක්ව විත්තිකරුවකු විසින් රුපියල් 7000 ක් බැගින් වන්දි ගෙවිය යුතු බවට විනිසුරුවරයා නියෝග කළේය.

ඇපමත මුදාහරින ලද විත්තිකරුවන් නියමිත දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව විනිසුරුවරයා දැනුම් දුන්නේය.

Previous articleපාස්පෝට් ගන්න නව ONLINE ක්‍රමයක් – හදිසියේ විදෙස් ගමන් බලපත්‍රය අවශ්‍ය නම් කළ යුතු දේ මෙන්න
Next articleඋගන්ඩාවේ මුදල් ගැන කතාවක් අපි කිව්වේ නෑ – අපි බොරු කියන්නේ නෑ – ටිල්වින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here