Home අද ජනපති, අගමැති සහ ඇමතිලා තම පෞද්ගලික දේශපාලන පක්ෂය වෙනුවෙන් පෙනී සිටීම සුදුසු...

ජනපති, අගමැති සහ ඇමතිලා තම පෞද්ගලික දේශපාලන පක්ෂය වෙනුවෙන් පෙනී සිටීම සුදුසු නෑ – මැතිවරණ කොමසාරිස් ජනරාල්

573
0

රටටම ජනාධිපති ලෙස පත්වූ ජනාධිපතිවරයා මහමැතිවරණ සමයේ සිය පක්ෂයේ දේශපාලනය වෙනුවෙන් මැතිවරණ වේදිකාවලට යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අදහස් දක්වා තිබෙනවා.

ඒ මහතා මේ අදහස දක්වා සිටියේ ජාතික රූපවාහිනියේ ඊයේ (30) පැවති මහජන දිනය වැඩසටහනට එක්වෙමින්

දේශපාලන සංස්කෘතිය වෙනස්කිරීම සම්බන්ධයෙන් විශාල වශයෙන් හඬ නැගූ වත්මන් රජය සෑම පුරවැසියකුගේම ජනාධිපතිවරයා ලෙස මැතිවරණ සමයේදී සිය පක්ෂ දේශපාලනය නියෝජයන කිරීම සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ අදහස් දක්වා සිටියා.

ජනාධිපතිවරයා පත්වූ දිනම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වත්මන් ජනාධිපතිගෙන් ඉල්ලා සිටි පරිදි, රටේම ජනාධිපතිවරයා ලෙස පක්ෂ දේශපාලනයෙන් තොරව පොදු මහජනතාවගේ ජනාධිපති ලෙස කටයුතු කරන මෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීයකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ රටටම පත්කරනු ලබන ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව තමන්ගේ පක්ෂය නියෝජන කිරීමට හැකියාවක් නොමැති බව කියා සිටියා.

රටේ විධායක මෙන්ම ව්‍යවස්ථාධායකය එම තනතුරුවලට පත්වීමෙන් අනතුරුව මේ රටේ ප්‍රශ්න පිළිබඳව නීති සැකසීමේ කාර්යයේ සිටින බැවින් එම තනතුරට පත්වූ විට එම කටයුතු කිරීමට ඔවුන් බැඳීසිටින බවත් එහිදී තමන්ගේ පෞද්ගලික දේශපාලන මතවාද සිය රාජකාරිය සඳහා ඔවුන්ගේ තනතුරේ කටයුතු සඳහා යොදාගැනීම නොගලේපන බව ඔහු කියා සිටියා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැක්වූ අදහස් පහතින්

 

Previous articleඅනුර ආපු ගමන් පොල් පැළයක් හිටවලා මාසෙන් පොල් කඩන්න පුළුවන්ද? තාම බිත්තර දාන්නේ රනිල්ගේ කිකිළියෝ – සමන්ත විද්‍යාරත්න
Next articleහිටපු අමාත්‍යවරු 12 කට එරෙහිව නඩු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here