Home අද ජනතාවට සහන දෙන අය-වැයක් හදන්න IMF එක්ක කතා කරනවා – ජනපති අනුර

ජනතාවට සහන දෙන අය-වැයක් හදන්න IMF එක්ක කතා කරනවා – ජනපති අනුර

124
0

ජනතාවට හිතවාදී අය-වැයක් සකස් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග රජය සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග ජන රැලිය අමතමින් ජනපතිවරයා මේ අදහස් දක්වා සිටියා.

ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ආර්ථික විශේෂඥයන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්සත් ජනපදයට මේ වන විට ගොස් ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

ඔහු පැවැසුවේ, ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගත් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව අතහරිනු ඇති බව ත් ඩොලරය රුපියල් හාරසියය ඉක්මවනු ඇති බව ත් යන්නෙන් බොහෝ අය පුරෝකථනය කළ නමුත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රටට, ජනතාවට යහපත් ආකාරයට සාකච්ඡා සිදු කරමින් යන සේ ම ඩොලරය ද රුපියල් 300ට අඩුවෙන් පවත්වා ගෙන යෑමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ය.

ඒ අනුව, ජනතාවට යහපත් අය-වැයක් සැකසීම වෙනුවෙන් සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරට ත් කියා සිටියා.

Previous articleමම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති – හිටපු ජනපති
Next articleBRICS සංවිධානයේ සාමාජිකයකු වෙන්න ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here