Home අද දස වසරකට පසු ශ්‍රී ලංකාව එංගලන්තයේදී දිනයි

දස වසරකට පසු ශ්‍රී ලංකාව එංගලන්තයේදී දිනයි

15656
0

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

මෙය 2014 වසරට පසුව ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය වේ.

ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127යි.

සිය 11වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් අද (09) වාර්තාකළේ සිය 2 වන ටෙස්ට් ශතකය යි.

ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32යි.

ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු ගණන 111කි.

මෙම තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2 – 1ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් විය.

Previous articleසියළු වැඩ වර්ජන අපි නැවැත්තුවා – ඔක්කොම ඡන්ද වැඩවලට යොදාගත්තා
Next articleකෝපි කඩේ කතා දාන්න එපා – ආර්ථික ප්‍රතිපත්තිය රටට පැහැදිළි කරන්න – රනිල් අනුරට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here