ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් X මාධ්‍ය ජාලයේ සිදුකළ ජනමත විමසුමකදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා.
X සමාජජාල මාධ්‍ය භාවිතා කරනුයේ ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහණයෙන් සීමිත පිරිසකි. නමුත් එම සමාජජාලය නාගරික සහ අර්ධ නාගරික කලාපයන්හි වෘත්තීයවේදීන් අතර ඉතා ජනප්‍රිය සමාජ ජාලයක් වන අතර මෙම ජනමත විමසුම සඳහා X මාධ්‍ය පරිශීලකයින් 2344ක් සහභාගී වී තිබෙනවා.
එම සමීක්ෂණයේදී වතමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 44%ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන්ම සිටින අතර 28%ක ප්‍රතිශතයක් ලබාගනිමින් අනුර දිසානායක මහතා එහි දෙවැනි තැන පසුවනවා.
තෙවැනි සහ සිව් වන ස්ථාන පිළිවෙලින් 15%ක් සහ 13%ක් ලබාගනිමින් නාමල් රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා පසුවනවා.
මේ අනුව X සමාජ මාධ්‍ය පරිශීලනය නාගරික ජනගහනයෙන් බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් ජනාධිපති ලෙස පත්කිරීමට කැමැත්තෙන් පස්වන බව පෙනී යනවා.
නමුත් මෙම ජනමත විමසුමට අනුව කිසිඳු අපේක්ෂකයෙකුට 50%ක ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා.