බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී පළා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනකු ඝාතනයට ලක්වී ඇති බවත් ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශය විවිධ ප්‍රදේශවලදී සොයාගෙන ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම අවාමි ලීගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් 100කට අධික පිරිසකගේ නිවාස මෙන්ම ව්‍යාපාරද, විරෝධතාකරුවන් කොල්ල කා විනාශ කර දමා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෆිකුල් ඉස්ලාම් ශිමුල්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනිතබා ඇති බවත් ඉන් මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මරණයට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
ඔවුන්ගේ මළ සිරුරු ගිනිගත් නිවසේ කාමර සහ බැල්කනිවල තිබී එරට පොලිසිය සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.
එසේම අවාමි ලීගයේ දිස්ත්‍රික් සම ලේකම් සුමන් ඛාන්ගේ නිවසටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවත් එම නිවසේ තිබී බංග්ලාදේශය පිළිස්සී ගිය මළ සිරුරු 6ක් සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.විරෝධතාකරුවන් නැවත වරක් අවාමි ලීගයේ පක්ෂ මුලස්ථානයට ගිනි තබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.