Home අද 2024 වසරේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා – ජනපති

2024 වසරේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා – ජනපති

1088
0

පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වුවද මෙම වසරේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කවර පුද්ගලයෙකු අධිකරණයට ගියද මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා කියා සිටියා.

කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඊයේ පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Previous articleඅතුරුගිරියේ වෙඩිතැබීමක් – CLUB වසන්ත මරුට
Next articleජනාධිපතිගේ නිල කාලය වසර 05 යි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here