Home අද බංගලියන් පරදා ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට

බංගලියන් පරදා ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට

8676
0

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ලකුණු 8කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස්කළේය.

එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රමනුල්ලා ගුර්බාස් ලකුණු 43ක් රැස්කළේය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් රිශාඩ් හොසේන් කඩුලු 03ක් දවාගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ විටින් විට වර්ෂාවෙන් තරගයට බාධා ඇති වුණි.

ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමවේදය අනුව පන්දුවාර 19 කදී බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 114කි.

එම ඉලක්කය හඹා යෑම ඇරඹු බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 19 අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණි.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

Previous articleඋද්ධමනය පහළට
Next articleපාඨලී රාජිත ෆොන්සේකාට ඇමති ධුර?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here