Site icon Newshub

ඉන්දීය අගමැතිගේ දිවුරුම්දීමේ උත්සවයට ජනපති රනිල්ටත් ආරාධනා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුව ඒ මහතාගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතව තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබාදෙමින් සුබපැතුම් එක්කර තිබේ.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුදීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති අතර ඔහු එම ආරාධනය පිළිගෙන ඇති බව සඳහන්ය.

මේ අතර වත්මන් ඉන්දීය රජයේ අවසන් කැබිනට් රැස්වීමෙන් අනතුරුව නව රජයක් වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ජනාධිපති නිල නිවස වන රාෂ්ටපති භවන් හිදී ඉන්දීය ජනාධිපති ද්‍රව්පදි මුර්මු මහත්මිය හමුවු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස සිය තුන්වැනි ධුර කාලය සඳහා නරේන්ද්‍ර මෝදී ලබන සෙනසුරා දිනයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version