Home අද මිල අධික Silver Tips තේ වගාව දකුණේ ප්‍රචලිත කිරීමට යයි

මිල අධික Silver Tips තේ වගාව දකුණේ ප්‍රචලිත කිරීමට යයි

2322
0

තේ කර්මාන්තයේ දී මිල අධික තේ වර්ගයක් වන Silver tips තේ වගාව දකුණු පළාතේ ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.

දැනට තේ වෙළෙඳ පොළේ මිල අධික තේ විශේෂයක් ලෙස සැලකෙන Silver tips තේ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනෙන 20/43 නමැති තේ ප්‍ර‌භේදය දකුණු පළාතේ පවුල් 300ක ගෘහිණියන් අතර බෙදාදීමට මේ යටතේ සැලසුම් කර ඇත.

මෙහි පළමු අදියර අද (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කටුවන දී ආරම්භ කෙරේ.

මේ වැඩසටහන යටතේ එක් ගෘහිණියකට 20/43 තේ පැළ 300ක් බැගින් ලබාදෙන අතර එම වගාව සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මෙන්ම ජල පොම්ප ද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් නොමිලේ සපයයි. මේ Silver tips තේ සඳහා යොදා ගන්නා 20/43 තේ කිලෝග්‍රෑම් එකක් රුපියල් ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර මිලකට අලෙවි කරයි. මේ වැඩපිළිවෙළ අනුව වසරකදී මේ එක් ගෘහිණියකට මාසයකට රුපියල් ලක්ෂ එකහමාරක පමණ ආදායමක් Silver tips තේ වගාව මඟින් උපයා ගැනීමට හැකි වන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.

Previous articleකොළඹ ජාතික රෝහලේ අතිනවීන සීටී ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවලට එක් කරයි
Next articleවිපක්ෂයේ ගොන් තියරිවලට රැවටෙන්න එපා – ප්‍රසන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here