Site icon Newshub

සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක්ට රාජ්‍ය ඇමතිවරියකට මාසයක් පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තුවේ විනය කඩකිරීමේ චෝදනා මත පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ තීරණයක් අනුව මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මාසයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට විරුද්ධව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා සිටි අතර ඡන්දය විමසන අවස්ථාවේ සභාගර්භයෙන් ඉවත්ව ඡන්දය දීමෙන් වැළකී සිටි සිටියහ. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර , සුජිත් සංජය , සහ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ යන  සඳහා මෙලෙස පාර්ලිමේන්තුව මසකට තහනම් කරන ලදී.   යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 57 ක් ලැබුණු අතර විරුද්ධව එක් ඡන්දයක් පමණක් ප්‍රකාශ කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශකර තිබුණි.

Exit mobile version