Site icon Newshub

විවිධ වැරදි වලට බෞද්ධ භික්ෂුන් 48 බන්ධනාගාරවල

විවිධ අපරාධ සම්බන්ධයෙන්  බෞද්ධ භික්ෂුන් 48 කු බන්ධනාගාර ගතව සටින බව අධිකරණ නියෝජ අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අද(08දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය. මේ අතර බරපතල වැඩ සහිතව දඩුවම් විදිහන පුද්ගලයෝද සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  ඒ අනුව බෞද්ධ භික්ෂුන්වහන්සේලා 48 කු , හින්දු පුජකවරු 03 ක් , කතෝලික පුජකවරුන් 01 ක් ඉස්ලාම් පුජකවරුන් 04 කු ලෙස 56 කු මෙලෙස බන්ධනාගාරගතව සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ළමා අපචාර සිදුකර භික්ෂුන් සහ පුජකවරුන් 24 කු, ස්ත්‍රී දුෂණ සිදුකරන භික්ෂුන් 04 කු  ද මිනිමැරුම් සිදුකර භික්ෂුන් සහ පුජකවරුන් 05 කුද බන්ධනාගාර ගතකර ඇත. එමෙන්ම මුදල් වංචා කළ භික්ෂුන් සහ පුජකවරුන් 03 කු ද නිදන්හාරා  භික්ෂුන් 03 ද බරපතල ලිංගික අපයෝජනය කර භික්ෂුන් 03 කු මෙලෙස බන්ධනාගාර ගතකර තිබේ.

Exit mobile version