Home අද කොළඹ යාපනය ගුවන් ගමන් ඇරඹීමට යයි

කොළඹ යාපනය ගුවන් ගමන් ඇරඹීමට යයි

582
0
පලාලි ජාත්‍යන්තර  ගුවන්තොටුපොළ සිට කොළඹ දක්වා සිවිල් ගුවන්සේවා නුදුරේදීම ආරම්භ කිරීමට සුදානමක් පවතින බව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නට්රාජ් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ යාපනය දිස්ත්‍රික් කාන්තා දින සැමරුම් වැඩසටහනට එක්වු අවස්ථාවේදීය.
ඉන්දීයානු රජයේ මූල්‍යම ආධාර හා මෙරට රජයේ මුල්‍ය පහසුකම් යටතේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකෙරිණ.
පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සිට කොළඹ දක්වා සිවිල් ගුවන්සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙරට රජය සාකච්ජා කොට ඇති අතර,අදාළ ගුවන් සේවා නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතව ඇත
පලාලි ජාත්‍යන්තර  ගුවන් තොටුපොළ 2019 ඔක්තෝම්බර් 17 වැනිද නිළ වශයෙන් සිවිල් ගුවන් ගමන් වෙනුවෙන් විවෘත කෙරිණ.
කොඩිඩ් වසංගත සමයේ ගුවන් ගමන් නවතා තිබු පලාලි ගුවන් තොටුපොළ සිවිල් ගුවන් ගමන් සේවා නැවත පසුගිය වසරේ ආරම්භ කර තිබෙයි
Previous articleමේ වගේ මොහොතක ජනප්‍රිය තීන්දු ගත්තොත් රටේ අර්බුදය දෙගුණ තෙගුණ වෙනවා
Next articleඅලුතින් එන සැහැල්ලු දුම්රිය සඳහා කොළඹ දුම්රියපොළවල් 16ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here