Home අද බදු සල්ලි වලට මොකද කළේ?

බදු සල්ලි වලට මොකද කළේ?

564
0

රජය හදුන්වාදී ඇති බදු සංශෝධන සඳහා වෘත්තිය සමිති දැඩි විරෝධයක් දක්වමින් සිටින අතර එම බදු ප්‍රතිපත්ති වහාම හකුලාගන්නා ලෙස ආණ්ඩුවට බලපෑම් කරමින් වැඩවර්ජන සහ උද්ගෝෂණවල නිරතවෙමින් සිටියි. ජනවාරි මාසයෙන් පසුව ආණ්ඩුව විසින් එකතුකරගන්නා බදු මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන් විස්තරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශය පසුගියදා දැනුම්දී තිබුණි. ඒ අතර අධ්‍යාපනය සඳහා බදු මුදල් යොදවා ඇති ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සඳහන් කළේය.

පෙළපොත්

ඒ අනුව අධ්‍යාපන පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 16 000 ක් වැය කර තිබේ. උද්දමනය වැඩිවීමට පෙර ඒ සඳහා පෙර වසර වලදී වැය කර තිබු මුදල රුපියල් මිලියන 4000 කි. වියදම් හතර ගුණයකින් පමණ වැඩිවී තිබේ.  පෙළපොත් මුද්‍රණය සඳහා කොළ ලබාගැනීමට ඉන්දියානු ණය ආධාර යටතේ බිලියන 07 ක මුදල් සපයාගෙන තිබේ.

පාසල් නිල ඇඳුම්

නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදී ලබාදීමට පසුගිය වසර වලදී රුපියල් මිලියන 3500 ක් වැයකර තිබු අතර මේ වසරේදී ඒ වෙනුවෙන් රුපියල් මිලියන 12 ක් වැය කර තිබේ.  අවශ්‍ය රෙදි සපයා ගැනීම සඳහා චීන ආධාර යටතේ 70% ක් සම්පුර්ණකරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙවර පාසල් නිවාඩුවට ප්‍රථම නිල ඇඳුම් බෙදා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ලක්ෂ 12 ට දිවා ආහාරය ලබාදීම

උද්ධමනය වැඩිවීම හා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් ළමුන් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ ආහාර වේල සපයාගැනීමේ දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටියි. මේ හේතුවෙන් පාසල් ළමුන් හට දිවා ආහාරය සැපයීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය සුදානම් කර ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 09 යොදවා තිබේ. දුෂ්කර පළාත් වල සිටින පාසල් දරුවන් වෙත මෙම ආහාර ලබාදීම සිදුකරන අතර ජනවාරි සිට ලබාගත් බදු මුදල් ඒ වෙනුවෙන් යොදවා ඇත.

අභ්‍යාස පොත් ලබාදීම

පොත්වල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් අභ්‍යාස පොත් අඩු මිලට වෙළඳපොළට නිකුත් කිරීමටත් දුෂ්කර පාසල් සඳහා පෙළපොත් බෙදාදීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භකර තිබේ. මේ යටතේ 200 අඩු ළමුන් පිරිසක් සිටින පාසල් 2900 ට අභ්‍යාස පොත් නොමිලයේ බෙදා දීමට සැලසුම් කර තිබේ.

ජනවාරි මාසයේ සිට ලබාගත් බදු මුදල් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා මේ ආකාරයට යොදවා ඇති අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් නිසි පරිදි ගෙවීමටද යොදවා තිබේ.

අධ්‍යාපන වෘත්තිකයින්ගේ අදහස

රජයේ නව බදු ක්‍රමය අනුව රාජ්‍ය සේවකයින්ගෙන් 10% ක ප්‍රමාණයක් පමණක් මෙම බදු ක්‍රමයට ඇතුළත්ව ඇති අතර ඒ අනුව තම වැටුපෙන් බදු සදහා මුදල් කපා ගන්නා පිරිස අඩු පිරිසකි. රාජ්‍ය සේවකයින්ගෙන් 90% සඳහා බදු අයකර නොගනී.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ බහුතරයක් බදු අයකර නොගන්නා කාණ්ඩයේ පුද්ගලයින් වේ. රුපියල් එක් ලක්ෂ පනස් දහසට වඩා වැඩි මුදල් ලබාගන්නා පුද්ගයින් සඳහා පමණක් බදු අයකරන අතර බදු අයකරගන්නා අවම සීමාව වන්නේ රුපියල් 150 000 කි. එවැනි වැටුපක් ගන්නා පුද්ගලයිගෙන්ද බදු ලෙස අය වන්නේ රුපියල් 3000 ට අඩු මුදලකි.

එසේ උවද  අධ්‍යාපන වෘත්ති සමිති මෙයට විරෝධය දක්වමින් වර්ජන ක්‍රියාවල නිරතව සිටින අතර ජෝසප් ස්ටාරලිං වෘත්තිය සමිති නායකයා පවසන්නේ මෙවැනි අදහසකි,

“ අපි වැඩවර්ජන කරන නිසා විභාග කල්දැමීම කළ යුතුයි. අධ්‍යාපන නිලධාරීන්ගේ වගකීම ඒක. අධ්‍යාපන අමාත්‍යාංශය විභාග පැවැත්වීම නිසි පරිදි කරන්නෙ නැහැ . ඒ වගේමව විභාගවලින් අපි ඉවත්වෙන නිසා විභාග පැවැත්වෙන්නේ නැහැ “ යැයි පැවසීය.

රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්වයට පත්වීමෙන් පසුව එය යථාතත්වයට ගැනීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මත කර ඇති අතර එමගින් රට ස්ථාවර වෙමින් පවතින බව පැහැදිවම පෙනෙන්නට තිබේ. මේ තත්වය හමුවෙන් රට ස්ථාවරකිරීමට සහයෝගය ලබාදීම සියලුදෙනාගේම වගකීම වන අතර ඒවෙනුවෙන් කැපවීම් කළයුතුව ඇත. එසේ උවද වෘත්ති සමිති මේතත්වයට විරුද්ධව කටයුතු කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙන්නට ඇති අතර රට ස්ථාවරකරගැනීමට නොහැකිඋවහොත් යළිත් වරක් රට අස්ථාවරවීමේ බරපතල තත්වයට පත්වීමේ අවධානමක් ඇත. මේ සම්බන්ධයෙන් ජනතාව ලෙස සියල්ලෝම අවධානය යොමුකළ යුතු කාලය එළැඹ තිබේ.

 

 

 

 

 

Previous articleජනපති වර්ජනයේ නියුතු වෛද්‍ය සංගම් සාකච්ඡාවකට කැඳවයි
Next articleඋපයන විට බදු ගෙවන්නේ රාජ්‍ය සේවයේ 10% යි – වෛද්‍යවරු චැනල් සේවා වර්ජනය කරලා නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here