Home අද ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සැලසුම් අප්‍රේල් මාසයේදී

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සැලසුම් අප්‍රේල් මාසයේදී

653
0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගයන් අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

වාණිජ ණය හිමියන් සමග කරන සාකච්ඡා වේගවත් කිරීමටද කටයුතු කරන බවත් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටිනවා.

“මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපගේ කැපවීම අඩංගුයි. දිගුකාලීන පදනමක් මත ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මධ්‍ය කාලීන ණය ඉලක්ක ද හෙළි කරනවා. මධ්‍ය කාලීන සිට දිගු කාලීන ණය ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්න ගැන අපි අප්‍රේල් මාසයේදීනිවේදනය කරනවා ඒක තමයි මීළඟ පියවර”.” යැයි ඔහු පැවැසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි අවසන් කිරීමට පෙර වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා කඩිනම් කරන බවත් ඔවුන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගය ප්‍රකාශයට පත් කරන බවත් වීරසිංහ මහතා පැවසීය.

“අපි මෙය ඉදිරි මාස හයක පමණ කාලය තුළ අවසන් කිරීමට උත්සාහ කරනවා. ” ඔහු වැඩිදුරටත් පැවැසීය.

Previous articleමිනිස් ජාවාරමක නිරතවු මන්ත්‍රීවරයා
Next articleමැතිවරණ කොමිෂන් සභාව හරියට වැඩේ කරලා නෑ – වක්කුඹුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here