Site icon Newshub

මිනිස් ජාවාරමක නිරතවු මන්ත්‍රීවරයා

තායිලන්තයේ රැකියා දෙන බව පවසමින් ලාඔසයේ සහ මියන්මාරය තුළ පරිගණක අපරාධ සඳහා ලංකාවේ තරුණ තරුණියන් විකුණීමේ දැවැන්ත මිනිස් ජාවාරමක් සිදුව ඇති බවත් ඒපිළිබඳ අංශ කිහිපයකින් පරීක්ෂණ සිදුකරන බවත් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මෙහිදී හම්බන්තොට ප්‍රදේශයේ  150 ට ආසන්න ප්‍රමාණයක් මුදල් ලබාගෙන මිනිස් ජාවාරමේ යොදවා ඇති බවත් වැරදි ක්‍රම වලින් මුදල් යවා ඇති බවත් අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධයෙන්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  ද පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේම ජනාවරමට සම්බන්ධ   එක් පුද්ගලයෙක් මේවනවිට  අත්අඩංගුවට  අර‌ගෙන ඇති අතර මෙහි මහ මොළකරු ජවිපෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් වන අනුර සමරනායක වන අතර ඔහු මේවනවිට සැගවී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

 

Exit mobile version