Home අද ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තු බලතල උල්ලංඝණය කරලා? – මන්ත්‍රීවරයෙකුගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තු බලතල උල්ලංඝණය කරලා? – මන්ත්‍රීවරයෙකුගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

596
0

ශ්‍රේෂ්ඨාධිකරණ පාර්ලිමේන්තු බලතල උල්ලංඝණය කරලා?

මන්ත්‍රීවරයෙකුගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

 

2023 අයවැය මඟින් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය , ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාට, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පසුගිය (03 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු සම්බන්ධයෙන් නොමැතිව මෙලෙස නියෝගයක් නිකුත්කර ඇති බවත් ඒ හරහා ස්භාවික යුක්තියේ මුලධර්මය උල්ලංඝනය කර ඇති බවත් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා අද(07දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒකාබද්ධ අරමුදල ඇතුළු ව රාජ්‍ය මුල්‍ය පිළිබඳ සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන බවත් රජයේ යම් සේවාවකට මුදල් යෙදවීමට පාර්ලිමේන්තුව මගින් ඡන්දය දී සම්මත කළ පසුව  ඒකාබද්ධ අරමුදලේ මුදල් නිදහස් කළ හැක්කේ මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුතු බලපත්‍රයකට පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

2023 වසරේ ලැබෙන බදු සහ ආදායම් සැලකිල්ලට ගනිමින් 2023 මුදල් වර්ෂයේ රජයේ ක්‍රියාකාරකම් සඳහා අයවැය මගින් මුදල් වෙන්කරන බව සඳහන්කර තිබුණද අ‌පේක්ෂාකරන ආදායම් නොලැබේනම් වියදම් සීමා කිරීමේ බලය අමාත්‍යවරයා සතුවන බවද මන්ත්‍රීවරයා වරප්‍රාසාද ප්‍රශ්නය යොමුකරමින් සඳහන් කළේය.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙක් විසින් නිකුත්කරන ලද මෙම අතුරු නියෝගය මගින් පාර්ලිමේන්තුව සතු මුල්‍ය පාලනය බලය ශුන්‍යතාවයට පත්කිරීමට උත්සහදරා ඇති බවත් එය පාර්ලිමේන්තු බලතල වලට ඇගිලිගැසීමක් බවත් වරප්‍රසාද ප්‍රශ්නය මගින් පෙන්වාදෙයි.

අයවැය ඇස්තමේන්තු නීතියක් හෝ නීතිමය ලේඛණයක් නොවන අතර මෙම අතුරු නියෝගය මගින් අයවැය ඇස්තමේන්තු සඳහා විසර්ජන පනතකට එහා ගිය වලංගුභාවයක් ලබාදීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයේ සඳහන් වේ.

එය රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන උල්ලංගනය කිරීමක් බවද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තුව සාකච්ඡාකර ගනු ලබන තීන්දු සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණය දැනුවත් කර තිබුණද ඒවා සම්බන්ධයෙන් අවධානය යොමුනොකර මෙම අතුරු තහනම් නියෝගය නිකුත්කර ඇති බවටද වරප්‍රසාද ප්‍රශ්නය මගින් සඳහක් කර තිබේ.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඉල්ලුම්පත් ගණනාවක්ම ගොණුකර ඇති අතර මෙම ඉල්ලුම්පත් වෙනත් ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගවෙමින් පවතින අවස්ථාවක මෙම අතුරු තහනම් නියෝගය නිකුත්කර ඇත.

මේවා සම්බන්ධයෙන් අවධානය යොමු නොකර අතුරු තහනම් නියෝගයක් නිතුක් කිරීමට තවත් ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් කටයුතු කර ඇත්නම් එය අධිකරණයේ අරාජිකත්වයට තුඩුදෙන කටයුත්තක් මෙන්ම සම්මත නීති උල්ලංඝනය කරන අවස්ථාවක් බව මෙම වරප්‍රාදා ප්‍රශ්නය තුළ මතුකර තිබේ.

එමෙන්ම අතුරු තහනම් නියෝගය නිකුත් කළ එක් විනිසුරුවරයෙකු ග්‍රේෂ්ඨාධිකරණයේ අනිකුත් විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙවැනිම  නඩුවත පෙත්සම්කරුවෙකුට සම්බන්ධ බවත් මෙහිදී එම විනිසුරුවරයා ඒබව හෙළි නොකර ඇති අතර නඩුවෙන් ඉවත්වී නොමැති බවද වරප්‍රසාද කඩවීම් ප්‍රශ්නය මගින් වැඩිදුරටත් අවධාරණය කළේය.

මින් පසුව අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුයේ රජයට ලැබෙන ආදායම් සහ බදු මුදල් සම්බන්ධයෙන් යම් ආකාරයක ගැටලුකාරී තත්වයක් ඇතිඋවහොත් ඒ සම්බන්දයෙන් ක්‍රියාකාරීමේ බලය මුදල් අමාත්‍යාංශයට සහ මුදල් අමාත්‍යවරයාට තිබෙන බවය. එසේ ක්‍රියාත්මක නොවුනහොත් අද පවතින ආර්ථික තත්වයට වඩා බරපතල තත්වයකට රට තල්ලුවන බවද ජනතාව මීට වඩා අර්බුදයට පත්වන බවද අමාත්‍යවරයා පැවසීය. රටක ණය සහ මුදල් තත්වය අනුව රටේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විමසිල්ලෙන් සිටින බවත් වර්ෂ මැද රටේ මුල්‍ය තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

 

 

 

Previous articleමැතිවරණයක් තියන්න කලින් රට ස්ථාවර වෙන්න ඕනේ – ජනපති
Next articleආර්ථිකය ශක්තිමත් කරන ජනපතිගේ වැඩසටහනට IMF ප්‍රසාදය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here