Home අද “ලංකාවේ සංචාරය කරන්න එන්න” ලොවපුරා සංචාරකයන්ගෙන් විදෙස් මාධ්‍ය ඉල්ලයි

“ලංකාවේ සංචාරය කරන්න එන්න” ලොවපුරා සංචාරකයන්ගෙන් විදෙස් මාධ්‍ය ඉල්ලයි

797
0

අඩු වියදම් සහිත විශිෂ්ට නිවාඩු පැකේජ ලබා දෙන බැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස එක්සත් රාජධානියේ ප්‍රමුඛතම පුවත්පතක් වන ‘ඩේලි මේල්’ ලොව පුරා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඩේලි මේල් හි මේරි වේල්ස් පෙන්වාදී ඇති ආකාරයට, ශ්‍රී ලංකාව දැන් පිරිනමන තරම් සුඛෝපභෝගි සංචාරක පැකේජ ලබාගැනීම සඳහා ඉතා සුළු මුදලක් වැයකිරීමේ අවස්ථාව සංචාරකයන්ට ලැබෙන්නේ කලාතුරකිනි.

විරෝධතා සහ ආහාර හිඟය පිළිබඳ බිය හේතුවෙන් වසර මුලදී බ්‍රිතාන්‍යය සිය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට නොයන ලෙසට දැඩි අවවාද නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජය දැන් එම අවවාදාත්මක නිවේදන ඉවත් කර ඇත. ඔවුහු සිය සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරවීමට උනන්දු කරවමින් සිටිති.

ඉන්දියාව හා සසඳන විට ශ්‍රී ලංකාවට පැමිණීම නිසැකවම පහසු බව ඩේලි මේල් වැඩිදුරටත් පෙන්වාදී ඇත. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පැය 36ක් වැනි කෙටි කාලයක් තුළ ඩිජිටල් ක්‍රමවේදයට අනුව වීසා ලබාගත හැකි බව පෙන්වා දෙන පුවත්පත, වැඩිදුරටත් බ්‍රිතාන්‍යය වැසියන්ට අරාධනා කර ඇත්තේ තේජාන්විත වෙරළ තීරයන් සහ විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම මගනොහරින ලෙසයි.

විදෙස් මාධ්‍ය මෙලෙස එරට සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා තම රට වැසියන් දිරිමත් කරමින් ලිපි පළකරද්දී.
මෙරට ඇතැම් මාධ්‍ය ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සම්බන්ධයෙන් මෙරට ජනතාව දක්වන සෘනාත්මක ආකල්ප සමාජගත කරන්නට දැරූ උත්සාහයන්ද අපට දැක ගන්නට හැකියාව ලැබෙනවා.

දැන් එන්නේ මාළු පාන් කන සංචාරකයෝ, ගමන් කරන්නේ බයිසිකල් වල, ලංකාවට පැමිණෙන සංචාරකයෝ මුදල් වියදම් කරන්නේ නොමැති බව වැනි අදහස් සමාජගත කරන්නට දැරූ උත්සාහයන් අපට දැකගන්නට ලැබුන අතර මාළු පාන් එකකට හෝ වියදම් කිරීම තුල මෙරටට ලැබෙන්නේ විදෙස් මුදල් බවත් එම මුදල් මෙරට ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් යෙදවීමට හැකි බවත් පෙන්වීමට තරම් ජනතාවගේ මාධ්‍ය නාලිකා යැයි කියා ගන්නා නාලිකා වලට නොහැකි වීම කණගාටුවට කරුණකි.

‘Daily Mail’ පළකර තිබු ලිපිය මෙතැනින් 

Previous articleපවතින ආර්ථික අර්බුධ එක්ක මැතිවරණ තියන්න බැහැ
Next articleගුවන් සේවා රැසක් ශ්‍රී ලංකාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here