Home ක්‍රීඩා මෙසී පාපන්දු පිටියට සමුදෙයි

මෙසී පාපන්දු පිටියට සමුදෙයි

47726
0

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක 35 හැවිරිදි ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව ඔහු විසින් නිවේදනයේ කර ඇත. එළඹෙන 18 වැනිදා පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන අවසන් තරඟය තමා ජාත්‍යන්තර පාපන්දු පිටියේ ක්‍රීඩා කරන අවසන් තරඟය වනු ඇතැයි ඔහු පවසා තිබේ.

ඊළඟ ලෝක කුසලානයට තවත් සෑහෙන කාලයක් තිබෙන බැවින් තමන්ට 2026 පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වීමට හැකි වෙතැයි විශ්වාසයක් නොමැති නිසා මේ ආකාරයෙන් සමුගැනීම සුදුසු බව මෙසී පවසා ඇත.

ලයනල් මෙසී ලෝක කුසලාන තරඟ 25 කදී ගෝල 11 ක් ලබා ගනිමින් ඉතිහාස පොතටද එක්ව තිබේ.

Previous articleලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂකගෙන් ජනාධිපතිට ලිපියක්
Next articleපරණ තැන සිරවී සිටීමෙන් වැඩක් නෑ – ණය උගුලෙන් බේරීමට අලුත් ආර්ථිකයක් ඇතිකළ යුතුයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here