Site icon Newshub

උපකුලපතිට පහර දුන් 12 ගේ ශිෂ්‍යභාවය අහෝසියි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදී ඔහුගේ නිවසට අලාභ හානි සිදුකළ විශ්වවිද්‍යාල සිසුන් 12 ගේ ශිෂ්‍යභාවය අහෝසිකිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී ඊට සම්බන්ධ සිසුන් 12 කු හඳුනාගත් බව එම විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා පැවසුවේය.

එම සිද්ධියට සම්බන්ධ වු බව කියන තවත් සිසුන් පිරිසක් පිළිබඳව විමර්ශන සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

 

Exit mobile version