Site icon Newshub

පලාලි ගුවන් ගමන් යළිත් අද සිට

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්සේවා කටයුතු අද(12දා) යළිත් ආරම්භ විය.

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය පලාලි ගුවන්තොටුපොළ දක්වා ගුවන් ගමන් සිදුවන අතර එහි සිට අද උදෑසන මගී ගුවන් යානයන් පැමිණියේය. යුද සමයේ වසා දමා තිබු පලාලි ගුවන්තොටුපොළ යහපාලන ආණ්ඩුව විසින් යලි විවෘත කළ අතර පසුව පත්වු ආණ්ඩුව විසින් එය යළිත් වසා දැමීමට කටයුතු කළේය.

රුපියල් මිලියන 2,250ක වියදමකින් පලාලි  ගුවන්තොටුපොළ යළි  සංවර්ධනය කර මෙලෙස විවෘත කර ඇත. මේ අනුව නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමඟ ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සඳුදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයකම ගුවන් ගමන්  සුදානම් කොට ඇති බව ගුවන්තොටුපොළ භාර නිලධාරීහු පැවසූහ.

Exit mobile version