Home අද හිටපු අධිපති ගත්තා වගේ මට ඕන නෑ – මහ බැංකු අධිපති තම...

හිටපු අධිපති ගත්තා වගේ මට ඕන නෑ – මහ බැංකු අධිපති තම වැටුප ගැන කියයි

609
0

තමාගේ වැටුප මසකට ලක්ෂ 4 ක් බව මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඇතැම් දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් තම මසික වැටුප ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව ඒ මහතා අද(24) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

රටේ වගකිව යුතු දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඒවා සත්‍ය ලෙස ප්‍රචාරය කිරීම පිළිබඳ තමන් කණගාටුවට පත් වන බවත් තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබා නොගන්නා බවත් ඔහු පැවසුවේය.

තමන්ට පෙර සිටි මහ බැංකු අධිපතිවරයා ඔහු ධුරයට පත්වන විට ලක්ෂ 1.5 කට තිබූ මහ බැංකු අධිපතිවරයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 4 දක්වා වැඩිකර ගත් බවත් කැබිනට් මණ්ඩලයේ තනතුරක තත්ත්වයට ධුරය උසස් කරගෙන බදු ගෙවන්නන්ගේ සහ භාණ්ඩාගාරයේ මුදල්වලින් වෙනමම කාර්ය මණ්ඩලයක් සහ ආරක්ෂකයන් පත් කරගත් බවත් නන්දලාල් මහතා පෙන්වා දුන්නේය.

තමන්ට එවැනි ආරක්ෂාවක් අවශ්‍ය නොවන බවත් තමන් ලබා ගන්නේ හිමි වැටුප, නිල නිවස සහ වාහනය පමණක් බවත් තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවත් සාමාන්‍යයෙන් රජයේ සේවකයකු වසර 10 ක කාලයක් සේවයේ නියුතු වූ පසුව පමණක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන බවත් නන්දලාල් මහතා ප්‍රකාශ කළේය.

තමන්ට පෙර සිටි මහබැංකු අධිපති වරයාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ දෙය පිළිබඳ අවබෝධයක් තිබුණාද නැද්ද පිළිබඳ තමන්ට විශ්වාසයක් නොමැති මුත් ආරක්ෂාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබී ඇති බව නන්දලාල් මහතා ප්‍රකාශ කළේය.

Previous articleලෝක කුසලානයට ගිය නිලධාරීන්ට දවසට ඩොලර් 800ක්  ගෙවලා
Next articleභාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here