Home අද දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත ස්ථානාධිපතිවරුන් පත්කරන්නේ නෑ – මහජන ආරක්ෂක...

දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත ස්ථානාධිපතිවරුන් පත්කරන්නේ නෑ – මහජන ආරක්ෂක ඇමති

1302
0

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් එක දිගට කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පවසනවා.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා අයඳුම්පත් කැඳවූ බවත්, ඒ සඳහා අයඳුම්පත් 1300ක් පමණ ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.

අයදුම්පත් ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයකට යොමු කර, 1090 දෙනකු දැනටමත් තෝරාගෙන ඇති බවත්,ඔවුන් ඉතා ළගදීම පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත ස්ථානාධිපතිවරුන් පත් නොකරන බව කී ඇමතිවරයා සුදුසුකම් මත ඔවුන් නිවැරදි ස්ථානවලට පත් කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

Previous articlePin Up Nedir?
Next article‘බැසිල්ව පිළිගන්න ගිය පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රාව තනතුරෙන් අයින් කරන්න’ – නලීන් බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here