Home අද රට දාලා ගිය ආර්ථික ඝාතකයෝ සියල්ල දැන් නැවත රටට ඇවිල්ලා ඉන්නවා –...

රට දාලා ගිය ආර්ථික ඝාතකයෝ සියල්ල දැන් නැවත රටට ඇවිල්ලා ඉන්නවා – රාසමාණික්කම්

1372
0

මෙරට ආර්ථිකය විනාශ කිරීමෙන් පසු විදේශගතව සිටි ආර්ථික ඝාතකයන් සියලුදෙනා නැවත මෙරට පැමිණ තිබෙන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් පවසනවා.

ඒ අනුව ඔවුන් පාවඩ දමා පිළිගැනීම, ආර්ථික ඝාතකයන්ම ආර්ථික ඝාතනය ගැන පොත් ලිවීම වැනි විහිළු සහගත දේවල් සිදුවන තැනක් බවට රට පත්ව තිබෙන බව 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේ 06වැනි දිනට පැවති විවාදයට එක්වෙමින් හෙතෙම කියා සිටියා.

2002 සිට 2010 වෙනකන් රාජපක්ෂ කණ්ඩායම සිදු කළ සොරකම් සියල්ලම 2010 ජනාධිපතිවරණය දිනලා ඒ ටික ශේප් කර ගත්තා. 2010 සිට 2015 වෙනකන් සිදු කළ සොරකම් වලට 2015 සිට 2019 වෙනකන් නඩු දැම්මා. ඊට පස්සේ තමන්ගේ පවුලේ අයටයි හිතවතුන්ටයි මහා විනාශයක් වෙන්න යන්නේ කියලා දැනගෙන ප්‍රෝඩාව කරලා රට ගිණිතියවලා, පාස්කු ප්‍රහාරය කරවලා 2020 නැවත බලයට ආවා. 2020 සිට 2022 වෙනකන් මේ ආර්ථික අර්බුදය වැඩි වෙනවා කියලා දැනගෙනත් තමන්ට බලය තියාගෙන තමන්ගේ සහ හිතවතුන්ගේ නඩු ටික ඉවර කරගෙන රට දාලා පැනලා ගියා.

රට දාලා ගිය ආර්ථික ඝාතකයෝ සියල්ල දැන් නැවත රටට ඇවිල්ලා ඉන්නවා. මම දැක්කා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ උපන්දිනය සමරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් ගිහින් තිබෙනවා හම්බන්තොට. ඊට පස්සේ අපි දැක්කා අනිත් ආර්ථික ඝාතකයා බැසිල් රාජපක්ෂ පසුගිය දවසක ඇවිල්ලා ඉන්නවා ගුවන්තොටුපලේ. ලැජ්ජනැතිව රාජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු ගිහින් ඉන්නවා පිළිගන්න. ආර්ථික ඝාතකයාට පොලිස් ආරක්ෂාවත් දෙනවා. පැනලා යද්දි යන්න නොදුන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ම ආර්ථික ඝාතකයා ලංකාවට එද්දි පාවඩ දාලා පිළිගන්නවා. අනිත් ආර්ථික ඝාතකයා කබ්රාල් පොතක් ලියලා. ආර්ථික ඝාතකයාම ආර්ථික ඝාතනය පිළිබඳ පොතක් ලියලා. මේ වගේ විහිළුවක් බවට රට පත්වෙලා තිබෙන්නේ.

Previous articleධීවරයන් වෙනුවෙන් විනාඩි 03 ක උපවාසයක්
Next articleශ්‍රී ලංකාව වෙළඳ ගිවිසුම් රැසක් අත්සන් කිරීමට සැරසෙයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here