පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා රැස්වුවද මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගය කල්දැමීම හේතුවෙන් මැතිවරණ දිනය සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නොමැත.
පසුගිය දින කිහිපය තුළ රටේ උද්ගත වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය පැවැත්වීම කල්දැමීමට සිදුවිය.
මේ අනුව පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසය පමණ වන තෙක් කල් යෑමට ඉඩ තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස අධිකරණය ලබාදී ඇති තීන්දුවට ගරු කරමින් එම මැතිවරණය පැවැත්විය හැකි පළමු අවස්ථාවේදීම එය පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සකස් කරමින් සිටින බව ඉහත නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.